එක් රටක් ලෙස ඉදිරියට යාමටනම් කළ යුතු දේ මෙන්න

Share

එක් රටක් ලෙස ඉදිරියට යාමටනම් ජාති, ආගම් වශයෙන් බෙදා වෙන් නොකළ යුතු බව ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැඇත්තෝ පවසයි.

මහනුවරදි ඊයේ (07) පස්වරුවේ පැවැති සිව්හෙළයේ මහා සමුළුව අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

අතීතයේ රජවරුන් රටට, ජාතියට, පරිසරයට ගෞරව කරමින් රට පාලනය කළ බවත් ඔවුන් තුළ වටිනා සිරිත් විරිත් හා ඇඟයීම් තිබු බවත් ඔහු කියා සිටියේය.

බෞද්ධ පන්සල්වලින් ඔවුන් සිය පාලනයට අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කර බවත් පන්සලේ නායක හිමියන්ගේ උපදෙස් අනුව රාජ්‍ය පාලනය සිදු කළ බවත් ඔහු පැවසීය.

අද වන විට ආගම්, ජාති, ලෙස රටේ බෙදීම් ඇති කරගෙන ඇති බවත් රටෙන් බෙදීම තුරන් කළ යුතු බවත් වන්නිලැඇත්තන් ප්‍රකාශ කළේය.

දැයම එක රොදකට යන්න තේමා කර ගනිමින් බොදු බල සේනා සංවිධාන කළ සිව්හෙළයේ මහා සමුළුව ඊයේ පස්වරුවේ පැවැත්වුනේ මහනුවර බෝගම්බර ක්‍රිඩාංගනයේදීයි.

මෙහිදි එකම දැයක් ලෙස මෙරට තුළ කටයුතු කිරිම සදහා අවශ්‍ය යෝජනාවන් පළාත් මට්ටමින් ඉදිරිපත් කෙරුණි.

එම අවස්ථාවට එක්වෙමින් ඥානසාර හිමියන් ද සිය අදහස් පල කළේය.

Read more

Local News