Home දේශීය පුවත් රිය අනතුරකින් අයෙක් මරුට

රිය අනතුරකින් අයෙක් මරුට

0
රිය අනතුරකින් අයෙක් මරුට

යාපනය, කෝපායි උරුම්පිරායි මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු අද(08) උදැසන ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය කෝපායි පොලීසිය පවසයි.

පොලිසිය පැවසුවේ යතුරුපැදි දෙකක් පළමුව ගැටී ඇති අතර, අනතුරුව අදාළ එක් යතුරුපැදියක් මාර්ගයේ පැමිණි ටිපර් රථයකද ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් ටිපර් රථයේ ගැටුණු යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර,රෝහල්ගත කිරීමෙන් අනතුරුව තුවාලකරු ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසීය.

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here