කොම්පඤ්ඤ වීදියේ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරුවන් රිමාන්ඩ්

Share

කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ, මුත්තයියාපාර, කොළඹ 2 යන ප්‍රදේශයේ දී දෙපාර්ශවයන් අතර ඇති වු ආරවුලක් හේතුවෙන් පහරදීමකින් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ අත්අඩංගුවට ගත් සැකකරුවන් අගෝස්තු 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර ඇත.

පහර දීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොල්ලුපිටියේ පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීමේ දී මෙම පුද්ගලයා මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 47 ක් වු හල්කඳවල, රාගලවෙල, පායාගල ලිපිනයේ පදිංචි අයෙකි.

සැකකරුවන් කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් 17 හා 24 යන වයස් වල පසුවන කොම්පඤ්ඤ වීදිය, පොල්ගස්ඕවිට හා මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read more

Local News