ලොව ඉහළම විද්‍යාත්මක පර්යේෂණ නගර තුනම චීනයට

Share

2025 දී ලොව ඉහළම පර්යේෂණ නගරය ලෙස බෙයිජිං නගරය යළි පත් වී ඇති අතර ශැංහයි සහ නැන්ජින් පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානවලට පත්වී ඇත.
සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ශාස්ත්‍රීය සඟරාවක් වන ‘Nature’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘2026 Nature Index – පර්යේෂණ නගර’ අතිරේකයෙන් මේ බව දැක්විය. මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන තුන චීන නගර විසින් අත්පත් කරගත් පළමු අවස්ථාව මෙයයි.
මෙම අතිරේකය, Nature Index මගින් නිරීක්ෂණය කරන ලද ස්වාභාවික හා සෞඛ්‍ය විද්‍යා සඟරා 145 ක ලොව පුරා ප්‍රධාන නගර සහ මහා නාගරික ප්‍රධාන ප්‍රදේශවල පර්යේෂණ ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කරමින් සකස් කර ඇත.
2025 දී ලොව ප්‍රධානතම පර්යේෂණ නගර දහය වනුයේ බෙයිජිං, ශැංහයි, නැන්ජින්, නිව්යෝර්ක් මහා නාගරික ප්‍රදේශය, ගුවන්චෞ, බොස්ටන් මහා නාගරික ප්‍රදේශය, සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක ප්‍රදේශය, වුහාන්, හැංචෞ සහ බැල්ටිමෝර්-වොෂින්ටන් ය.

Read more

Local News