ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසාන භුමිය අසලදී තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ(15) පස්වරුවේ ත්‍රිරෝද රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් මාදම්පිටිය සුසාන භූමිය අසලදී අපරාධ කල්ලි සාමාජික “ආනමාලු රංග” සහ තවත් පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කර තිබුණි.
ත්‍රිරෝද රථයකින් පළායමින් සිටි සැකකරුවන් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් වත්තල, හුණුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.