ලොරි රථයක ගැටී අවරුදු හතර හමාරක දරුවෙක් මරුට

Share

පින්නවල, වතුකාර කන්ද අතුරු මාර්ගයේ දී සිදුවූ අනතුරකින් පිරිමි දරුවෙකු මිය ගොස් තිබෙන බව පොලීසිය පවසයි.

මෙම අනතුර සිදුව ඇත්තේ වතුකාර කන්ද අතුරු මාර්ගයේ, වතුකාර කන්ද හන්දිය ප්‍රදේශයේදී පිටුපසට ධාවනය වූ ලොරි රථයක් ළමා පාපැදියක ගැටීමෙන් බව වාර්තා වෙයි.

මිය ගොස් ඇත්තේ වයස අවරුදු හතර හමාරක් වූ කන්ද, මෙගොඩ වෙලේබොඩ, බලංගොඩ ලිපිනයේ පදිංචි ලියනගේ නෙතුන් තොජාන් නැමති කුඩා දරුවෙකි.

අදාළ අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුර අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පින්නවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News