Home දේශීය පුවත් යුරෝපා තානාපතිවරියන් 2ක් සහ මහකොමසාරිස්වරියක් ජනපතිට අක්තපත්‍ර භාරදෙයි

යුරෝපා තානාපතිවරියන් 2ක් සහ මහකොමසාරිස්වරියක් ජනපතිට අක්තපත්‍ර භාරදෙයි

0
යුරෝපා තානාපතිවරියන් 2ක් සහ මහකොමසාරිස්වරියක් ජනපතිට අක්තපත්‍ර භාරදෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ යුරෝපා තානාපතිවරියන් දෙදෙනෙක් සහ මහකොමසාරිස්වරියක් අද (19) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.

නෝර්වේ, එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය යන රටවල් සඳහා මෙලෙස නව තානාපතිවරියන් පත්ව සිටිති.

Trine Eskedal (ටී්‍රන් එස්කඩෙල්) මහත්මිය නෝර්වේ තානාපතිනිය ලෙස ද,

Sarah Hulton (සාරා හල්ටන්) මහත්මිය මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය සඳහා මහ කොමසාරිස්වරිය ලෙස ද,

Tanja Gonggrijp (ටන්ජා ගොන්ග්‍රිජ්ප්) මහත්මිය නෙදර්ලන්ත තානාපතිනිය ලෙස ද පත්ව සිටි.

මෙහි දී නව තානාපතිවරියන් ඇමතු ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මෙම රටවල් තුන සහ ශ්‍රී ලංකාව අතර ඇත්තේ දිගුකාලීන සහ සමිප සබඳතාවයක් බවයි.

එම සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට නව තානාපතිවරියන් කැපවනු ඇති බවට ද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.

එමෙන් ම කාන්තාවන් තිදෙනෙකුගේ මෙම පත්වීම් කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ වැදගත් සංකේතයක් බව කියා සිටි ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ සියයට 52ක් පමණ වන කාන්තාවන් ජාතික ආර්ථිකය වෙනුවෙන් ඉටුකරන සුවිශේෂ කාර්ය භාරය ද සිහිපත් කළේය.

මෙහි දි නව තානාපතිවරියන් තිදෙනා ම සිය රටවල නායකයන්ගේ සුභාශිංසන ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර සිය රටවල් සහ ශ්‍රි ලංකාව අතර සබදතා වඩා ප්‍රතිඵලදායක අයුරින් ශක්තිමත් කර ගැනීමට සිය ධූර කාලයන්හි කැපවන බවට ද ජනාධිපතිතුමා වෙත සහතික විය.

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාත ආරියසිංහ, ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here