නාවික හමුදාව සහ කොළඹ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය එක්ව ඊයේ (21) දින යාපනය, අලියාවලේයි, මුහුදු ප්‍රදේශයේ සිදු කළ කිමිදුම් මෙහෙයුමකදි දිය යට සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය යැයි සැක කෙරෙන පාර්සලයක් සොයා ගැනීමට සමත් වී ඇත.
උතුරු නාවික විධානය සහ කොළඹ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය එක්ව යාපනය, අලියාවලේයි, මුහුදු ප්‍රදේශයේ සිදු කල කිමිදුම් මෙහෙයුමකදි දිය යට සඟවා තිබූ වැලි සමඟ මිශ්‍රිත පුපුරණ ද්‍රව්‍ය යැයි සැක කෙරෙන කිලෝග්‍රෑම් 15 ක බරකින් යුත් මෙම පාර්සලය සොයාගෙන ඇත.
පසුව එම පාර්සලය වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා කොළඹ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය වෙත භාර දෙන ලදි.



