Home දේශීය පුවත් ලක්ෂ 12ක් පමණ වටිනා රා සමඟ තුනක් අත්අඩංගුවට

ලක්ෂ 12ක් පමණ වටිනා රා සමඟ තුනක් අත්අඩංගුවට

0
ලක්ෂ 12ක් පමණ වටිනා රා සමඟ තුනක් අත්අඩංගුවට

අද (27) උදෑසන මාරවිල ප්‍රදේශයේ මුහුදු කටුව හා තල්විල ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමක දී නීති විරෝධි නිෂ්පාදනය කළ රා ලිටර් 9000 ක් අත්අඩංගුවට ගෙන ඇත.

සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජි.සුමනසිංහ මහතාට ලද තොරතුක් අනුව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් එකකයේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

මෙහිදි රා නිෂ්පාදනයට ගන්නා බැරල් හා එවා ගබඩා කිරීම සඳහා යොදා ගන්නා ලද ටැංකි විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙලෙස අත්අඩංගුවට ගන්නා රා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 12ක් පමණ වන බව එම නිලධාරින් පවසයි.

මෙම රා නිෂ්පාදනය කිරීම සඳහා අදාල පුද්ගලයාට කිසිඳු බලපත්‍රයක් නොමැති බවද සඳහන් වේ.

සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් සැප්තැම්බර් මස 04 දින මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here