ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ හමුදාපති අතර හමුවක්

Share

ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස රාජකාරී ආරම්භ කළ ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිල සම්ප්‍රදායන්ට අනුව පළමු වරට, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (03) ආරක්ෂක අමාත්‍යාංශයේදී මුණගැසිනි.

එහිදී නව යුද හමුදාපතිවරයා වෙත සිය සුභපැතුම් පිරිනැමූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කළ මානුෂීය මෙහෙයුමේදී රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් සිදුකල විශිෂ්ඨ හමුදා නිළධාරීවරයෙකු යුද හමුදාපතිධූරයට පත්වීම පිළිබඳව තමන් අතිශයින් සතුටට පත්වන බවයි.

ශ්‍රී ලංකා යුද හමුදාව තවදුරටත් ශක්තිමත් කරමින් රට වෙනුවෙන් සේවාවක් සිදුකිරීමට නව යුදහමුදාපතිවරයාට ශක්තිය ලැබේවායි අමාත්‍යවරයා විසින් ප්‍රාර්ථනා එක් කළේය.

මෙම නිළහමුවෙන් අනතුරුව නව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් සමරු සිහිවටනයක්ද ප්‍රදානය කෙරිණි.

Read more

Local News