Home විදෙස් පුවත් පැය 48ක් තුළ ඇමසන්හී අළුතින් ලැව්ගිනි 2000ක්

පැය 48ක් තුළ ඇමසන්හී අළුතින් ලැව්ගිනි 2000ක්

0
පැය 48ක් තුළ ඇමසන්හී අළුතින් ලැව්ගිනි 2000ක්

ගත වූ පැය 48ක කාලයේදී පමණක් ඇමසන් වනාන්තරයේ අලුතින් ලැව්ගිනි දෙදහසකට වැඩි ප්‍රමාණයක් ආරම්භ වී ඇති බව නවතම වාර්තාවකින් හෙළි වී තිබේ.

ඇමසන් වනාන්තරය විනාශ කරමින් පැතිර යන ලැව්ගිනි පාලනය සදහා විසදුමක් ලෙසින් ගිනි තැබීම් තහනම් කිරීමට බ්‍රසීල රජය කටයුතු කළේ පසුගියදායි.

එය එසේ පැවතියදීත් පසුගිය පැය 48ක කාලයේදී පමණක් ඇමසන් වනාන්තරය පුරා නව ලැව්ගිනි 2 000කට වඩා වැඩි ප්‍රමාණයක් ආරම්භ වී ඇති බව බ්‍රසීල ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසයි.

මෙවර වියළි කාලයේදී ඇමසන් වනාන්තරය පුරා දහස් සංඛ්‍යාත ලැව්ගිනි හටගත් අතර මේ වනවිට තත්ත්වය පාලනය කිරීමට පවා අපහසුවී තිබේ.

කෙසේ නමුත් බ්‍රසීල සංඛ්‍යාලේඛනවලට අනුව මෙවර වියලි කාලගුණය පසුගිය වසරට සාපේක්ෂව ඉතාමත් පහළ අගයක් ගන්නා බවයි වාර්තා වෙයි.

ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා එහි වාර්තා වූ ලැව්ගිනි ප්‍රමාණය 88 816කි.

ඇමසන් වනාන්තරයේ වැඩි භූමි ප්‍රමාණයක් අයත් වන්නේ බ්‍රසීලයටයි.

කෙසේ නමුත් එහි වඩාත් සුවිශේෂී කාලප කොලොම්බියාව හා පේරු රාජ්‍ය්‍යට අයත් කොටසේ පවතියි.

කෙසේ නමුත් මේ වනවිට එම කලාපවලින් පවා ලැව්ගිනි වාර්තා වන බවයි විදෙස් පුවත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here