සංචාරක වීසා මත මෙරටට පැමිණ කොල්ලුපිටිය ප්රදේශයේ වැඩබිමක සේවය කරමින් සිටි ඉන්දිය ජාතිකයින් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිළධාරින් පිරිසක් විසින් අද (05) උදෑසන සිදුකරන ලද මෙහෙයුමක දී ඉන්දිය ජාතිකයින් 44 දෙනෙකු අත්ඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මිරිහාන රැදවුම් කදවුර වෙත යොමුකිරිමට කටයුතු කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.