ඇල්පිටිය පොලිස් වසමේ අටකොහොටේ බෝගහ වංගුව අසල දී ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් තුළ වෙඩි තැබීමක් සිදුව තිබේ.
අද (06) උදෑසන 8.05 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත.
අළුත්ගම සිට ඇල්පිටිය දක්වා ගමන් ගත් මෙම බස් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු විසින් එම බස් රථයේ ගමන් කළ පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා ඇති බව පොලීසිය පවසයි.