පසුගිය ජූලි මස 6 වන දා පානදුර උතුර පොලිස් ස්ථානයේ අස්ථානගත වී තිබු ටී-56 වර්ගයේ ගිනි අවි දෙක සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව මෙම සිදුවීමට අදාළව යුද හමුදා සෙබළුන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පානදුර උතුර ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කෙරුණු අතර, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ යටතේ මුලික පරීක්ෂණ සිදුකරනු ලැබීය.