අනවසරයෙන් දැව ප්‍රවාහනය කළ අයෙක් මාට්ටු

Share

තේක්ක සහ හුරී මාරා දැව තොගයක් අනවසරයෙන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සිය භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී අනවසරයෙන් ප්‍රවාහනය කළ දැවවලට අමතරව එම ලොරි රථයේ රියැදුරු ළඟ විදේශිය රටකින් ගෙන්වන ලද දුම්වැටි 160 ක් ද තීබී අලවතුගොඩ පොලිසියේ නිලධාරින් විසින් සොයාගෙන තිබේ.

අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් අකුරණ නගරයේදී ඊයේ (15) දින නගරය හරහා ධාවනය වෙමින් තිබූ මෙම ලොරිය පරීක්ෂා කළ පොලිස් නිළධාරින්ට එම ලොරියේ ඉරන ලද තේක්ක සහ හුරිමාරා වර්ගවලට අයත් දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බව අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.

පොලීසිය තවදුරටත් කළ පරීක්ෂණයේදී එම ලොරි රථයේ රියැදුරු ළඟ විදේශිය රටක නිෂ්පාදිත විදේශිය දුම්වැටි 160 ක් ද තිබී පොලීසිය මගින් සොයා ගනු ලැබ තිබේ.

Read more

Local News