උඩරට මැණිකේ දුම්රියේ ගැටී අයෙක් ජිවිතක්ෂයට

Share

බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වටවල පොලීසිය පවසයි.

අද (19) දහවල් 12.00ට පමණ අදාළ පුද්ගලයා දුම්රියේ ගැටී ඇති බව වාර්තා වෙයි.

දුම්රියේ ගැටී ජිවිතක්ෂයට පත් වු පුද්ගලයාගේ සිරුර එම දුම්රියේම රැගෙන ගොස් නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත භාර දීමට එම දුම්රිය ආරක්ෂන අංශ නිලධාරින් විසින් කටයුතු කර තිබේ.

මිය ගිය පුද්ගලයාගේ අනන්‍යයතාවය මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර අනතුර සම්බන්ධයෙන් වටවල පොලීසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News