නවගත්තේගම මොරගහවැව කුරුදුවැටිය වැවේ විස ශරිර ගතව මරණයට පත්ව සිටි ඇතෙකුගේ දළ යුගලෙන් එක් දළක් කිසියම් අයෙකු කපා ගොස් තිබු බව වනජීවි නිලධාරීන් පවසයි.
වයස අවුරුදු 15 ක් පමණ වු මෙම ඇතා අඩි 7 ක පමණ උසකින් යුක්ත බවත් කිසියම් විසක් ශරීර ගතවි මෙම ඇතා මරණයට පත්ව ඇත.
මෙම ඇතාට කිසියම් පළතුරු හෝ වෙනත් ආහාරයක් සමඟ වස මිශ්‍ර කර කෑමට ලබා දී ඇති බවත් ඉන්පසුව දැඩි ලෙස අසාධ්‍යව වැව් පිටියට පැමිණ එහිදි මරණයට පත්වන්නට ඇතැයි වනජීවි නිලධාරීන් පවසති.
ඇතා කුරුදුවැටිය වැවේ මරණයට පත්ව සිටියදී කිසියම් අයකු දළ යුගලෙන් එක් දළක් කපා ගෙන ගොස් ඇති බවත් අනෙක් දළ ඇතාගේ සිරුරට යටවි පස් තුළට කිදා බැසිම නිසා කැපිමට හැකිවි නොමැති බවද වනජීවි නිලධාරීන් පවසති.