තලාතුඔය, ගාල්තැන්න ප්‍රදේශයේ දේවාලයක සිදු වූ රන් ආභරණ කොල්ලය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (25) අළුයම දේවාලයට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු විසින් එහි සිටි පුද්ගලයින් බිය ගන්වා අත්පා ගැටගසා රුපියල් ලක්ෂ 04ක පමණ මුදලක් සහ රත්‍රං කිලෝග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් කොල්ලකා තිබුණි.
මාර්ගය දෙපස සවිකර තිබී සී.සී.ටී.වී දර්ශන උපයෝගි කර ගනිමින් සිදු කළ විමර්ශනවලදී සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය තලාතුඔය පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
ඒ අනුව ත්‍රිරෝද රථය ඔස්සේ සිදු කළ වැඩිදුර විමර්ශනවලදි කොල්ලය සඳහා පැමිණි සැකකරුවන් සිව් දෙනෙකු අද අළුයම අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 500ක් වටිනා කිලෝග්‍රෑම් 10කට අධික රන් ආභරණ ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.