මසුන් ඇල්ලූ 5ක් නාවික හමුදා බාරයට

Share

අද (01) දින ත්‍රිකුණාමලය, සිනම්වේලි මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් පස්දෙනෙකු  නාවික හමුදා බාරයට ගෙන ඇත.

නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය, සිනම්වේලි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් පස්දෙනෙකු මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 33 ත් 60 ත් අතර වියෙහි පසුවන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එහිදි ඔවුන් සතුව තිබූ තහනම් දැලක්, ඩිංගි යාත්‍රාවක් සහ අනෙකුත් ධීවර ආම්පන්න සොයා ගෙන ඇති අතර, එම තහනම් දැල්, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න සහ පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතව ඇත.

Read more

Local News