වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහල දැමිම සඳහා ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරිය මගින් වතුකරයේ ජලාශවලට මත්ස්‍යය පැටවුන් මුදා හැරිමේ ව්‍යාපෘතියට සමගාමිව මත්ස්‍යය පැටවුන් පහලොස් දහසක් මුදා හැරිම ඊයේ (01) සිදු කළේය.
වතු ජලාශ ආශ්‍රිතව මත්ස්‍යය වගාව ප්‍රවර්ධනය කිරිම අරමුණින් හැටන් කොටගල ඩ්‍රෙටන් වතු යායේ වතු ජලාශයට තිලපි මත්ස්‍ය පැටවුන් පහලොස්දහසක් මුදා හැරිම ජතික ජල ජිවි වගා අධිකාරියේ නුවරඑලිය කාර්යයාලයේ නිලධාරින් විසින් සිදු කළහ.
ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන උඩවලව තිලාපි මත්ස්‍ය පැටවුන් අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද මත්ස්‍ය පැටවුනුයි මෙසේ පොකුණු ජලාශයට මුදා හැරුණේ.
මෙසේ ජලාශයට මුදා හැරි මත්ස්‍යය පැටවුන් මාස 6 ක කාලයක් තුල කිලෝ 1 ත්, ග්‍රැම් 750 ක් අතර ප්‍රමාණයකට වැඩෙන බව ජතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යයාලයේ ව්‍යාපෘති නිලධාරි බුද්ධික කුෂාන් මහතා පැවසිය.
මුදා හැරි මත්ස්‍යය පැටවුන් වැඩිමෙන් පසු එහි මත්ස්‍ය අස්වැන්න එම වතුයායේ වතු කම්කරුවන්ට අඩු මුදලකට ලබා දිමටද නියමිතය.
මෙම මත්ස්‍ය පැටවුන් මුදා හැරිමේ අවස්ථාවට එම වතු යායේ පාලන අධිකාරියේ නිලධාරින් මෙන්ම වතු කම්කරුවන්ද විශාල පිරිසක් සහභාගි විය.



