අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට

Share

ගන්දර, කුරුදුවත්ත ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ඇද තිබූ විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

වෙල්යායක සතුන් මැරිම සඳහා ඇද තිබූ විදුලි රැහැක ගැටීමෙන් අදාල පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ බණ්ඩාරනායකපුර, කැකනදුර ප්‍රදේශයේ පදිංචිවසිටි 35 හැවිරිදි පුද්ගලයෙකි.

නීති විරෝධි ලෙස විදුලි රැහැන අදින ලද පුද්ගලයා හදුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිම සඳහා ගන්දර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Read more

Local News