ගෝඨාභයට එරෙහි පෙත්සම තුන්වන දිනටත් අද සලකා බලයි

Share

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලාංකික පුරවැසියෙක් ලෙස වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ගොනු කර ඇති පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද (04) තුන්වන දිනටත් සළකා බැලීමට නියමිතයි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ අද පෙරවරු 09.30ට පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සළකා බැලීමට නියමිත බව වාර්තා වෙයි.

වගඋත්තරකරුන් වෙනුවෙන් කරුණු දැක්වීම ඊයේ සිදුකෙරුණි.

පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ තීරණය බල රහිත කරන ලෙසයි.

එමෙන්ම අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තෙක් විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් ඉල්ලා තිබේ.

Read more

Local News