Home දේශීය පුවත් එජාපෙ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් අද මහනුවරට

එජාපෙ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් අද මහනුවරට

0

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (08) දින මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගැනීමට නියමිතව තිබේ.

පසුව අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නාහිමියන් සහ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන්ද, හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙණට ගොස් රාමඤ්ඤ නිකායේ මහා නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි මහ නාහිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට සුදානමින් සිටියි.

ඉන් අනතුරුව මහනුවර අති උතුම් වියානි ප්‍රනාන්දු රදගුරුගුමන්  බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට නියමිත අතර මහනුවර ශ්‍රී සෙල්වවිනායගර් කෝවිලටත් මීරා මක්කම් මුස්ලිම් දේවස්ථානයකටත් ගොස් ආශිර්වාද ලබා ගැනීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here