Home දේශීය පුවත් එජාපය බ්ලුමැන්ඩල් කුණු කන්ද වගේ – රෙජිනෝල්ඩ් කියයි

එජාපය බ්ලුමැන්ඩල් කුණු කන්ද වගේ – රෙජිනෝල්ඩ් කියයි

0
එජාපය බ්ලුමැන්ඩල් කුණු කන්ද වගේ – රෙජිනෝල්ඩ් කියයි

එක්සත් ජාතික පක්ෂයේ ගමන නිවෙන්න යන පහණක දීප්තිය වැඩි වන වගේ තත්ත්වයකට පත් වී ඇති බව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.

එහිද අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන්නේ එක්තරා පන්තියක් පමණක් බවයි.

එක්සත් ජාතික පක්ෂයේ පිරිහීම කොළඹ නගරයේ තිබෙන බ්ලූමැන්ඩල් කුණු කන්ද මෙන් බවද ඒ මහතා  පෙන්වා දෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රෙජිනෝල්ඩ් කුරේ මහතා,

“ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතාමත් ශක්තිමත් පුද්ගලයෙකු නිසා තරඟ බිමට එන්නට පෙර නොයෙකුත් උපාය මාර්ග නොයෙක් නොයෙක් පුද්ගලයන් පාවිච්චි කරනවා.

මොන බාධක ආවත් ඔහු තරඟ බිමට එනවා ඔහුගේ ජය නියතයි. කළුතර දිස්ත්‍රික්කයේ කියන්නේ නායකයන්ගේ කඳවුරක්.

මේ ලංකාවේ හැම ගංගාවකටම ව්‍යාපෘතියක් තියෙනවා. ලංකාවේ ව්‍යාපෘතීන් ඇති එකම ගඟ තමයි කළු ගඟ.

වැඩිපුරම වතුර ප්‍රමාණයක් තියෙන්නෙත් කළු ගඟේ. ඉදිරියේදී එන නායකයින්ට කළුතර දිස්ත්‍රික්කය පිළිබඳ දැක්මක් සහ වැඩසටහනක් තිබිය යුතුයි.

විශේෂයෙන් උතුරේ ද්‍රවිඩ ජනතාව හැම ආණ්ඩුව ක්‍රමරස බලල තියෙන්නෙ. ඔවුන්ට මේ පිළිබඳව තියෙන්නෙ කලකිරීමත් සහ පිළිකුලක්.

ඔවුන්ට ඕන ඔවුන්ගේ දිස්ත්‍රික්කය, ඔවුන්ගේ පළාත, ඔවුන්ගේ ප්‍රදේශය සංවර්ධන වේගයක් ඇති කරගන්න.

ඔවුන් දන්නවා මෙතාක් කල් දුරක් හෝ තමන්ගේ ප්‍රදේශයේ සංවර්ධනය කෙරුණේ මහින්ද රාජපක්ෂ යුගයේදී බවත් එම රජය යටතේ බවත් විතරයි කියලා. ” යැයි ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here