Home දේශීය පුවත් අර්ජුන අද ජනපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවට

අර්ජුන අද ජනපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවට

0
අර්ජුන අද ජනපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවට

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (24) දිනයේ රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවිමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමට නියමිතව ඇත.

ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සදහා පෙට්‍රල් මිලදී ගැනිමකදී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාලව ඔහු කොමිෂම හමුවේ පෙනී සිටිමට නියමිත බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඊට අමතරව ධම්මක රණතුංග මහතා ද අද දිනයේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමට නියමිතයි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේදී ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙනු ලැබුවේය.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් භාණ්ඩ ගබඩා කිරිමේ අංගනයේ වී ගබඩා කිරිමේදී රජයට අලාභ සිදුව ඇති බවට ලැබී ඇති පැමිණිල්ලකට අදාලව  අග්‍රාමාත්‍යවරයා එහිදී සාක්ෂි ලබාදී ඇත.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වී ගබඩා කිරිමට තමා කිසිදු උපදෙසක් ලබා නොදුන් බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති  පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ  ප්‍රකාශ කර ඇත්තේ.

අදාල වී ගබඩා කිරිම රාජ්‍ය ආයතන දෙකක් වන වී අලෙවි මණ්ඩලය සහ සිවිල් ගුවන් සේවා සමාගම අතර ඇති කර ගත් එකඟතාවක් මත සිදු කර ඇති බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

අගමැතිවරයා වශයෙන් අදාල තීරණය සඳහා කිසිදු සම්බන්ධිකරණයක් හෝ නියෝගයක් තමා ලබාදී නොමැති අතර එය කැබිනට් අනු කමිටුවක් විසින් ගත් තීරණයක් බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි දෙවන අවස්ථාව මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here