කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී විදෙස් ජාතිකයෙකු ගෙලවැලලා ගෙන මියගොස් තිබේ.
නවාතැන්ගෙන සිටි ලැගුම්හල තුළ ගෙලවැලලාගෙන සිටි අදාල විදෙස් ජාතිකයා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.
මෙලෙස ගෙලවැලලාගෙන මියගොස් ඇත්තේ 22 හැවිරිදි බංග්ලාදේශ ජාතිකයෙකි.
ප්‍රේම සබඳතාවක් හේතුවෙන් අදාල පුද්ගලයා ගෙලවැලලාගෙන ඇති බවට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.
පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කිරීමට නියමිත අතර කෑගල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.



