ජනපති කොමිසමේ පැමිණිලි විභාගය අදින් අවසන්

Share

රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි විභාග කිරීම අද (25) දිනෙන් අවසන් විමට නියමිතයි.

ජනාධිපති කොමිසමේ කාලය ලබන 31 වනදායින් අවසන් වීමට නියමිත බැවින් පැමිණිලි විභාග කිරීම අවසන් කිරිමට තීරණය කර ඇති බවයි එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඒ අනුව ඉතිරි දින කිහිපය පැමිණිලි විමර්ශනයේ දී සටහන් කර ගත් සාක්ෂි සමාලෝචනය කර කොමිසමේ වාර්තාව සකස් කිරීම සඳහා වෙන්කර ඇති බව සඳහන්.

Read more

Local News