නාලක ගොඩහේවාට එරෙහි නඩුව නොවැම්බරයට කල් යයි

Share

ඉකුත් රජය සමයේ ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිසමට අයත් රුපියල් ලක්ෂ 50ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේයැයි චෝදනා කරමින් එම කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක වැඩිදුර විභාගය නොවැම්බර් මස 26 දා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ නඩුව නොවැම්බර් මස 26 වන දා විභාගයට ගන්නා බවයි.

ඉකුත් රජය සමයේ ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිසමට අයත් රුපියල් ලක්ෂ 50ක මුදලක් “තාරුණ්‍යයට හෙටක්” සංවිධානයේ කටයුතු සඳහා ලබා දීම තුලින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් එම කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, එම කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු වන ධම්මික පෙරේරා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානය ක්‍රියාකාරිකයෙකු වන රොනී ඊබ්‍රහිම් යන අයට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර ඇත.

Read more

Local News