Home දේශීය පුවත් පාර්ලිමේන්තු මැතිවරණවලදී කාන්තාවන්ට වැඩි ඉඩක්

පාර්ලිමේන්තු මැතිවරණවලදී කාන්තාවන්ට වැඩි ඉඩක්

0
පාර්ලිමේන්තු මැතිවරණවලදී කාන්තාවන්ට වැඩි ඉඩක්

සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාලනයක් යටතේ ඉදිරි පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණවලදී කාන්තාවන් සඳහා වැඩි ඉඩක් ලබා දෙන්නට කටයුතු කරන බව, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

තලවතුගොඩ ග‍්‍රෑන්ඩ්මොනාච් හෝටලයේ පසුගිය දා පැවති කාන්තා සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ ඉඩක් කාන්තාවන්ට වෙන් කරනවා. පළාත්සභා ක‍්‍රමය තුළ සියයට විසිපහක් කාන්තාවන්ට වෙන් කරනවා.

ජාතික ලැයිස්තුවත් වෘත්තිය මට්ටමේ සමාජ ක‍්‍රියාශිලී කාන්තාවන් වෙනුවෙන් සියයට විසිපහක් වෙන් කරන්න කටයුතු කරනවා. ඇමති මණ්ඩලයේ, රාජ්‍ය නායකයින් ලෙස කාන්තාවන් සිටිය යුතුයි.

රාජ්‍ය ආයතනවල සේවය කරනවා නම් රාජ්‍ය පාලනය කරන දේශපාලන ක්‍ෂේත‍්‍රය තුළත් කාන්තාවන්ගේ ශක්තිමත් නියෝජනයක් තිබිය යුතුයි.

කුසලතාවයට, හැකියාවට මුල්තැන දෙන පාලනයක් ඇති වෙන්නේ. තරුණ පිරිසකට ඉඩක් ලැබෙනවා. ඡන්දය තුළින් හංසයා දියෙන් කිරිවෙන් කරගන්නා සේ දුෂිත, වැඩ නොකරන, ඩීල් දාන පිරිස ඉවත් කරන්න පුලූවන්. ඒ අවස්ථාව මාර්තු මාසයේ අප ලබා දෙනවා.

සජිත් පේ‍්‍රමදාස මහතා කාන්තා ප‍්‍රඥප්තියක් ඉදිරිපත් කර තිබෙනවා. ජීවන බර, දරුවන් හදා ගැනීමේ ගැටලූවලට කාන්තාවන් මුහුණ දෙනවා.

දුප්පත් පවුලක කාන්තාවන් ශුද්‍ර මුල්‍ය ණය උගුල්වලට හසුවෙලා ඉන්නවා. ණය උගුල්වලට හසුවූ පිරිස විසි අට ලක්ෂයක්. විසි හතර ලක්ෂයක් කාන්තාවන්.

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති වූ පසු ඒ ගැන සොයා බලා නිසි සහන ලබා දෙන්න කටයුතු කරනවා. නිසි ආයෝජන, නිසි කර්මාන්ත දෙසට ඔවුන්ව යොමු කරන්න කටයුතු කරනවා.

මේ වන විට අපි කොළඹ පැල්පත්වාසීන්ට නිවාස විසිදහසක් ලබාදී තිබෙනවා. එය කාන්තාවන්ගේ ජිවන තත්වය ඉහළ දැමීමට සිදුකළ සාර්ථක වැඩසටහනක්.

එවැනි වැඩසටහන් ආරම්භ කරන කාන්තාවන්ගේ ජීවන තත්වය තවත් ඉහළට ගෙන ඒමට අප කටයුතු කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here