සක්‍රීය දේශපාලනයට මම ඇලුම් කරනවා

Share

සක්‍රීය දේශපාලනයට තමන් ඇලුම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

විවේක සුවයට වඩා සක්‍රීය දේශපාලනය ප්‍රිය කරන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.

ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සඳහා ජපානයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා රාත්‍රීයේ දිවයිනට පැමිණියේය.

ඉන් අනතුරුව ඔහු මෙම  ට්විටර් සටහන තබා ඇති බව වාර්තා වෙයි.

මෙවර ජනාධිපතිවරණයේ දී  තමන් ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ ක‍ළේය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කරනු ලැබීය.

කෙසේවෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දි සක්‍රීය දේශපාලනයට යළි පිවිසෙනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

Read more

Local News