මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජය ගතහොත් නැවත වසර ගණනාවක් යනතුරු එක්සක් ජාතික පක්ෂ ආණ්ඩුවකට බලයට පැමිණීමට නොහැකි වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
වත්තල ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරිමේ ජන රැළියක් ඊයේ පස්වරුවේ වත්තල ප්‍රදේශයේදි පැවැත්වුණි.
එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
“මේ මැතිවරණයෙන් ගෝඨාභයට ජයග්‍රහණය දුන්නොත් අවුරුදු 25-30කට ආපහු එක්සත් ජාතික පාක්ෂික ආණ්ඩුවක් දකින්න හම්බෙන්නේ නෑ. අපේ ජීවිත කාලයේ දී අපිට දකින්න හම්බෙන්නේ නෑ.
එතකොට හරීන් ප්‍රනාන්දු වගේ අය ඉදී අවුරුදු 80ක් විතර වෙලා.
එනිසා අනිවාර්යයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය දිනවන්න ඕනේ. “



