Home දේශීය පුවත් වනාන්තර රැකගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජා වන කළමනාකරණ වැඩසටහනක්

වනාන්තර රැකගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජා වන කළමනාකරණ වැඩසටහනක්

0
වනාන්තර රැකගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජා වන කළමනාකරණ වැඩසටහනක්
වනාන්තරවලට යාබදව ජීවත්වන ප්‍රජාවගේ ආර්ථික තත්ත්වය නංවාලමින් වනාන්තර රැකගැනීම සඳහා ‘ශ්‍රී ලංකා ප්‍රජා වන කළමනාකරණ වැඩසටහන’ ක්‍රියාවට නැංවීමට රජය තීරණය කොට ඇත.
මේ යටතේ ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි කලාපයන්ට අයත් දිස්ත්‍රික්ක 17ක, වනාන්තර ආශ්‍රිතව ජීවත්වන ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්ත්වය නංවාලීම සඳහා විවිධ ජීවනෝපායන් හඳුන්වා දීම, ඒ සඳහා අවශ්‍ය පුහුණු උපකරණ ලබා දීම, ගෙවතු වගා වැඩසටහන් ක්‍රියාවට නැංවීම, වනාන්තර සංරක්ෂණය සඳහා පාසල් සිසුන් පෙලඹවීම ආදී ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
එමෙන් ම මෙම ව්‍යාපෘතිය 2018-2020 කාල පරිච්ඡේදය තුළ කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 261.06ක වැය කිරීමට ද අපේක්ෂිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here