බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Shabana Mahmood, එක්සත් රාජධානියේ දැනටමත් සේවය කරන විදේශීය රැකවරණ සේවකයන්ට ස්ථිර පදිංචිය සඳහා සුදුසුකම් ලැබීමට වසර 15ක් බලා සිටීමට සිදුවන පරිදි ඉදිරිපත් කර තිබූ සැලසුම් ඉවත් කර තිබේ.
Mahmood මීට පෙර යෝජනා කර තිබුණේ බොහෝ සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය සඳහා අවසරය (Indefinite Leave to Remain – ILR) ලබාගැනීමට ගතවන කාලය වසර පහේ සිට 10 දක්වා දෙගුණ කිරීමටය. ඇතැම් සංක්‍රමණිකයන්ට ඒ සඳහා වසර 15ක් බලා සිටීමට සිදුවන බව ද යෝජනා කර තිබිණි.
එහෙත් Labour පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ Mahmood එම ප්‍රතිපත්තිය සංශෝධනය කර තිබේ.
ඒ අනුව වසරකට අවම වශයෙන් පවුම් 25,000ක ආදායමක් ලබන සහ 2025 මැයි මාසයට පෙර එක්සත් රාජධානියට පැමිණි සේවකයන්ට පෙර පරිදි වසර පහකින් ස්ථිර පදිංචිය සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව තවදුරටත් හිමි වේ.
ILR හෙවත් ස්ථිර පදිංචිය (Settlement) යනු පුද්ගලයෙකුට තමන් කැමති තාක් කල් එක්සත් රාජධානියේ ජීවත් වීමට, රැකියාවක නිරත වීමට සහ අධ්‍යාපනය ලැබීමට අවසර ලබාදෙන තත්ත්වයකි. සුදුසුකම් සපුරන පුද්ගලයන්ට රජයේ ප්රතිලාභ සඳහා ද අයදුම් කළ හැකිය. එමෙන්ම බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට ද ILR අවසරය භාවිත කළ හැකිය.
Share
Read more



