ISIS හි නව නායකයා පිළිබඳව දැනුවත්ව සිටි බව ට්‍රම්ප් කියයි

Share

අයි එස් සංවිධානයේ නව නායකයා සම්බන්දයෙන් තමන් දැනුවත්ව සිටි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු කියා සිටියේ ISIS සංවිධානයේ නව නායකයා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන බව ය.

එමෙන්ම අයි.එස් සංවිධානය සම්බන්ධයෙන් යොදවා ඇති පීඩනය ලිහිල් නොකරන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

පසුගියදා අමෙරිකානු හමුදාව කළ මෙහෙයුමක් අතරතුර අයි.එස්.අයි.එස් නායක අබු බකර් අල් බග්ඩාඩි මියගිය අතර නව නායකයා ලෙස අබු ඉබ්‍රාහිම් අල් හෂිමි අල් කුරෙයිෂි නම් කිරීමට එම සංවිධානය පියවර ගෙන ඇත.

Read more

Local News