අධ්‍යාපනය මූලික අයිතියක් ලෙස ව්‍යවස්ථාවට ඇතුළත් කරනවා

Share

අධ්‍යාපනය මූලික අයිතියක් ලෙස ව්‍යවස්ථාවට ඇතුළත් කිරිමට කටයුතු කරන බව ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු පවසන්නේ එම මූලික අයිතිය ජනතාවට ලබා නොදීමට කටයුතු කරන ආණ්ඩුවට විරුද්ධය නඩු පැවරිය හැකි වාතාවරණයක් රට තුළ ගොඩනගන බවයි.

කෑගල්ල ප්‍රදේශයේ පැවැති ජන රැලියකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය.

මේ අතර සියලු ක්ෂේත්‍රයන් පිළිබඳ මනා දැනුමක් ඇති පුද්ගලයෙකු රටේ ජනාධිපති ලෙස තෝරා පත් කර ගත යුතු බව නලීන්ද ජයතිස්ස මන්ත්‍රීවරයා පවසයි.

Read more

Local News