ජනපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

Share

2019 ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇතැයි රජයේ මුද්‍රණාලය පවසයි.

මුද්‍රණාල්‍යාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය පැවසුවේ, මේ වනවිට මුද්‍රණය කරන ලද ඡන්ද පත්‍රිකා පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කෙරෙන බව ය.

එම වැඩකටයුතු අවසන් කර ලබන අඟහරුවාදා වනවිට සියලු ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාරදීමට පියවර ගන්නා බව ඇය සඳහන් කළා ය.

ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ ලක්ෂයකට ආසන්න ය.

Read more

Local News