කඳුරුවෙල ජල පොම්පාගාරය සහ ජල කුළුන ජනතා අයිතියට

Share

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික්  සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරුණු සංවර්ධන කාර්යයන් ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇත.

මහජනතාවට පිරිසිදු පානිය ජලය ලබාදීමේ අරමුණින් ඉදිකළ විසල් පොළොන්නරුව ජල සම්පාදන ව්‍යාපෘතියේ කඳුරුවෙල ජල පොම්පාගාරය සහ ජල කුළුන ජනාධිපතිවරයා විසින් විවෘත කර ඇති බව සඳහන්.

පොලොන්නරුව නව නගරය, පැරණි නගරය, කදුරුවෙල හා තදාසන්න ප්‍රදේශ ආවරණය කිරීම සඳහා රුපියල් මිලියන 2240ක වියදමින් විසල් පොළොන්නරුව ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙයි.

මීට අමතරව පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධනය කරන ලද ව්‍යාපෘති රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Read more

Local News