මල් වෙඩිල්ලක් දැල්වීමට ගිය ළමයෙකු මරුට

Share

කටාන ඇටඹගස්වත්ත ශ්‍රී දුමින්දාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පෙරහර ගමන් ගන්නා මාර්ගයේ මල් වෙඩිල්ලක් දැල්වීමට ගිය ළමයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

තම නිවස ඉදිරිපිටි අඩි 1ක් පමණ බිම තබා දල්වන මල් වෙඩිල්ලක් දැල්වීමට ගොස් එය පත්තු නොවීම හේතුවෙන් යළිත් එයට එඹී බලන විට එක්වරම මල් වෙඩිල්ල පත්තුවීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ තුවාලකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත අවුරුදු 14ක් වන ජනිත් දිල්ෂාන් යන අය මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

Read more

Local News