අධිකරණ ඇමතිනි හා මැලේසියානු නීති කටයුතු ඇමති අතර හමුවක්

Share

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණ සිටින මැලේසියානුනීති කටයුතු අමාත්‍ය Liew Vui Keang මහතා සහ එරටින් පැමිණ සිටින නියෝජිතයින් සමඟ හමුවක් ඊයේ (04) පස්වරුවේ කොළඹදී සිදුවිය.

එහිදී දෙරට අතර අධිකරණ සහයෝගිතාවය වැඩි දියුණු කර ගැනීම පිළිබදව මෙහිදී අවධානය යොමු විය.

මෙහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරිය සදහන් කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර සහයෝගය තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා මෙම සමුළුව හොද අවස්ථාවක් බවයි.

පොදු රාජ්‍යමණ්ඩලීය රටවල් තුළ පවතින  නීති පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා අදහස් දැනුම හුවමාරුව සමුළුව තුළින් හැකි වන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙවර සමුළුව සදහා පැමිණිම පිළිබදව ස්තූති වන්ත වෙන බවත් මෙරට අධිකරණ කටයුතු සංවර්ධනයේදී මෙන්ම අනෙකුත් සංවර්ධන කටයුතු සදහා මැලේසියානු රජයේ සහයෝගය අපේක්ෂා කරන බවත් අධිකරණ අමාත්‍යවරිය පැවසුවාය.

පොදු රාජ්‍යමණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සිය කෘතඥතාවය පළ කරන බවත් රටවල් අතර නීතිමය සහයෝගිතාවය වර්ධනය කර ගැනීමට මෙය හොද අවස්ථාවක් බවත් මැලේසියානු නීති කටයුතු අමාත්‍යවරයා මෙහිදී සදහන් කළාය.

Read more

Local News