ඇෆ්ගනිස්ථානයේ තානාපති අෂ්රාෆ් හදාරි මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර විශේෂ හමුවක් අද(05) ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.
එහිදී දෙරටේ ආරක්ෂක සහයෝගීතාවයට අදාළ වන වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවය සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා ගතයුතු පියවර පිළිබඳව අවධානය යොමුකෙරිණි.
දෙරට අතර දේශපාලන සහ ආර්ථික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට අදාලව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ ඇෆ්ගනිස්ථානයේ තානාපති අෂ්රාෆ් හදාරි මහතා අතර වැඩිදුරටත් අදහස් සහ එකඟතාවයන් මෙම සාකච්ඡාවේදී ඇතිවිය.



