කොළඹ, විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට ධර්මපාල මාවතේ නිවසක උඩුමහලේ ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ලද තොරතුරක් මත ඊයේ රාත්‍රීයේ අදාළ නිවස පරීක්ෂා කිරීමේදී මෙම මළ සිරුර සොයා ගත් බවයි.
ඝාතනයට ලක් ව ඇත්තේ, හෝමගම අතුරුගිරිය පාර දෙවන පටුමග ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනය සිදු කළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.



