කොළඹ නගරයේ වායු දූෂණය සාමාන්‍ය තත්ත්වයට වඩා දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවට අනාවරණය වී තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළ යාම මෙම තත්ත්වයට එක් හේතුවක් ලෙස සැලකිය හැකි බවයි.
ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දුෂණය මේ වන විට සීඝ්රයෙන් ඉහල ගොස් ඇති අතර මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ද එම නගරය ආශ්‍රිතව ප්‍රකාශයට පත් කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත.
පවතින තත්ත්වය හමුවේ ශ්වසන ආබාධවලින් පසුවන පුද්ගලයින් සැලකිලිමත්විය යුතු බව සරත් ප්‍රේමසිරි මහතා සදහන් කළේය.



