මෙරට දරුවන් බඩගින්නේ නින්දට යුගය ලබන 17 වෙනිදායින් අවසන් කරන බවත් දරුවන්ගේ කුස පිරවීමට මෙන්ම මනා අධ්‍යාපනයක් ලබාදිය හැකි ආර්ථක ශක්තියකින් හෙබි කාන්තාවක් බවට ශ්‍රී ලාංකික කාන්තාව පත්කිරීම අනාගත රජයේ ප්‍රමුඛතම කාර්යක් බවත් බැසිල් රජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (06) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති කාන්තා සවිය ජාතික සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.
අනාගතයේදී ජිවත් විමට සුදුසු අංග සම්පූර්ණ නිවසක් සැම පවුලකටම ලබා දීමේ නිශ්චිත වැඩ පිළිවෙලක් දියත් කිරීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මේ වනවිටත් සැලසුම් කර ඇති බවත් නිවාස ප්‍රශ්නයට පිළිතුරු සෙවීම වෙනුවට එය විකුනාගෙන කෑමට තමන් කිසිසේත් අපේක්ෂා නොකරණ බවත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.
වත්මන් ආණ්ඩුව යටතේ කාන්තාව සිරිකතක් වෙනුවට ණය කතක් බවට පත්කොට අති අතර එම තත්වය වහාම මගහරවා නැවත ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීමට පියවර ගැනීම ඉදිරියේදී පිහිටුවන රජයක ප්‍රමුඛතම වගකීමකි.
කොළඹ නගරයේ පැල්පත්වාසීන් දියුණු කිරිමටත්, ඔවුන්ගේම ලිපිනයක් සහිත නිවසක් පැල්පත්වාසී ජනතාවට ලබාදීමටත් ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන ලේකම් සමයේ වැඩපිළිවෙලක් දියත් කළ බවද සිහිපත් කළ ඒ මහතා පියානෝ මෙන්ම පුතානෝ එක්ව ජනතාවගේ නිවාස ප්රශ්නය විකුනුවා මිසක් විසඳුවේ නැතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ , පාර්ලිමේන්තු මන්ත්රීනී පවිත්‍රා වන්නිආරච්චි, හිටපු නගරාධිපති ඒ එච් එම් මුසම්මිල්, කාන්තා සවිය සංවිධානයේ සභාපති ෆෙරෝසා මුසම්මිල්, යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී විය.




