දේශපාලඥයින්ට සදාචාරයක් නෑ – ටිල්වින්

Share

රටේ සිටින දේශපාලඥයින්ට මෙන්ම දේශපාලඥයින් පසුපස යන ජනතාවට දේශපාලන ප්‍රතිපත්තියක් සහ සදාචාරයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඊයේ(06) සවස බදුල්ල, බදුලුපිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය වසර 71ක් පුරාවට රට පාලනය කරනු ලැබූ පාලකයින් විසින් රටේ ආර්ථිකටය බරපතළ මට්ටමකට බිඳ වට්ටා ඇති බව ලේකම් ටිල්වින් සිල්වා පෙන්වා දුන්නේය.

ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ දේශපාලනය යනු රටක් ගොඩ නැගීමට සඳහා ඇති හොඳ වෘතීයක් බවත් එය රටේ දේශපාලන නායකයින් විසින් ලැජ්ජා හිතෙන, කැත, ගද  ගහන තැනක් බවට පත්කර ඇති බවයි.

Read more

Local News