විදුලිබල මණ්ඩල සේවකයින්ට පහර දුන් සිද්ධියට නිසි දඬුවම් දෙනවා

Share

වව්නියාව විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට පහරදුන් සැකකරුවන් නීතිය ඉදිරියට පමුණුවා ඔවුන්ට නිසි දඬුවම් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම අදහස් පලකළේ,  ඊයේ (06) පෙරවරුවේ මඩකලපුව කෝවිලේ අගරදගුරුතුමන් හමුවී, එහි පැවති ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් අනතුරුව, පසුගිය දිනක වව්නියාව ලංවිම සේවක පිරිසකට එල්ල වු ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසීය.

“දිවයිනේ යම් තැන්වල ප්‍රතිවිරුද්ධ දේශපාලන කණ්ඩායම් විසින් නොයෙක් ප්‍රශ්න ඇති කරන්න පටන් අරන් තිබෙනවා.

පසුගිය දිනක යම් පිරිසක් විසින් වව්නියාව ලංකා විදුලබල මණ්ඩලයේ නිලධාරින්ට ප්‍රහාරයක් එල්ල කරලා තිබුණා.

එම ප්‍රහාරය එල්ල කළ පිරිස පොලීසියට හඳුනාගන්න බැරි තත්ත්වයක් තිබුණා.

නමුත් මේ වනවිට ප්‍රහාරකයින්ව අත්අඩංගුවට ගන්න හැකිවෙලා තිබෙනවා.

මෙම ප්‍රහාරකයින් නීතිය ඉදිරියට පමුණුවලා, ඔවුන් විසින් සිදුකළ සාපරාදී ක්‍රියාවන්ට නිසි දඬුවම් ලබා දෙන බවට මේ වන විට අපව දැනුවත් කරලා තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයීය සේවක පිරිස් වෙතින් මම කාරුණික ඉල්ලීමක් කළා,මෙම සිද්ධීන් හේතුවෙන් අපේ අහිංසක පාරිභෝගිකයින්ට කිසිදු ආකාරයක හිරිහැරයක් වනපරිදි කටයුතු කරන්න එපා කියලා.

ඒ අනුව වන්නි ප්‍රදේශයේ විසන්ධි කළ විදුලිබලය මේ වන විට යථා තත්ත්වයට පත්වෙලා තිබෙනවා.

ඒ පිළිබදව මම අපේ සහෝදර ලංවිම සේවක පිරිස් වෙතස්තුතිය පුදකර සිටිනවා ”

විදුලි බිල් නොගෙවීම හේතුවෙන් නිවසක විදුලිය විසන්ධි කිරීම සඳහා ගිය වව්නියාව ලංකා විදුලිබල මණ්ඩලයීය සේවක පිරිසක් වෙත මෙම ප්‍රහාරය එල්ල වී තිබුණි.

ප්‍රහාරයට ලක්වූ සේවකයින් රෝහල්ගත කර ඇති අතර, ප්‍රහාරකයින් මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News