පාර්ලිමේන්තුවේ බහුතරයක් ගන්නා පුද්ගලයා අගමැති

Share

ජනතා සම්මුතියකින් තොරව නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොකරන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම තමා ජනපතිධුරයට පත්වූ පසු පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි පුද්ගලයෙකු අග්‍රාමාත්‍යධුරයට පත්කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

තම අමාත්‍ය මණ්ඩලයට දූෂණයෙන් තොර පුද්ගලයන් බඳවා ගන්නා බවත් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ජාතික ලැයිස්තුවෙන් වෘත්තීයවේදීන්ට හා කාන්තාවන්ට අවස්ථාව දෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන බලපත්‍ර අහෝසි කරන බවයි.

දූෂණය පිටුදැකීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read more

Local News