ජනපතිවරණයෙන් ගෝඨාට දැවැන්තම ජන වරමක්

Share

ජනාධිපතිවරණයකිදී ජනාධිපති අපේක්ෂකයෙකු ලබාගන්න දැවැන්තම ජන වරම මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ අනුරාධපුර නගරයේ පැවති පොදු ජන පෙරමුණේ ජන රැළියක් අමතමින්.

නැවත කිසි දිනක එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කෙනෙකුට හෝ බලය ලබා දීමට රටේ ජනතාව සූදානම් නැති බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

එසේම විශාල එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අත්වැල්බැඳ ගෙන සිටින බවත් ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read more

Local News