ජූලම්පිටියේ අමරේට මරණ දඬුවම නියම වෙයි

Share

ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදු කිරිමේ චෝදනාවට වරදකරු වු ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නමැත්තාට අද මරණ දඬුවම නියම කෙරිණ.

ඒ තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා විසින් ඊට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

එම වෙඩි තැබීමෙන් මියගියේ කටුවන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සහ අවුරුදු 18 ක තරුණයෙකි.

2012 වසරේ ජුනි මාසයේ 15 වන දින කටුවන හැඩිවත්තේ පැවති ජනතා විමුක්ති පෙරමුණු රැස්වීමකට විත්තිකරු එලෙස වෙඩි ප්‍රහාර එල්ල කර තිබිණ.

Read more

Local News