ජනපති-අමාත්‍ය මණ්ඩල සේවකයින් ස්ථිර කිරීමේ සුදානමක්

Share

ජනපති සහ අමාත්‍යමණ්ඩල සේවකයින් ස්ථිර කිරීමට කටයුතු කරමින් සිටින බවට දන්වමින් පැෆ්රල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත  ලිපිය යොමුකර ඇත.

වර්තමාන ජනාධිපතිවරයාගේ සහ අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණඩල ස්ථිර කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වී ඇති බව එම ලිපියේ සඳහන් කර තිබේ.

සාමාන්‍යයෙන්  මෙතෙක් පැවති සම්ප්‍රදාය වූයේ ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය මණඩලය, කාර්ය මණ්ඩල එම රජය විසිරවූ පසු ඔවුන්ගේ සේවය අත්හිටුවීම හෝ ඔවුන් පෙර සිටි සේවා ස්ථානවලට අනුයුක්ත කිරීම බවද එම සංවිධානය පෙන්වා දෙයි.

එමෙන්ම මෙම කාර්ය මණ්ඩල පත් කිරීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන්නේ දේශපාලන ලැදියාවන් සහ දේශපාලනඥයින් ඔවුන් කෙරෙහි පවතින විශ්වාසය බවද එම සංවිධාන පවසයි.

ඒ අනුව එවැනි පදනමක් සහිතව තෝරා පත්කර ගන්නා පිරිසක් දේශපාලන බලය පාවිච්චි කරමින් ස්ථිර කිරීම සම්ප්‍රදායට පටහැනි වන අතර මැතිවරණ නීති බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බව එම ලිපියෙන් දන්වා තිබේ.

එබැවින් මේ පිළිබදව කොමිෂන් සභාවේ අවධානය යොමු කර මෙම ස්ථිර කිරීම් නැවැත්වීම සඳහා  සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැෆ්රල් සංවිධානය මැතිවරණ කොමිෂණ් සභාවෙන් ඉල්ලා සිටියි.

Read more

Local News