ශ්‍රී ලන්කන් ලාභ ලබන ආයතනයක් කරනවා-අගමැති

Share

ජාත්‍යන්තර කීර්තියක් දිනා ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවාව ප්‍රතිව්‍යුහගත කර ලාභ ලබන ආයතනයක් බවට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දෙහිවල සහ මොරටුව පැවති ජනාධිපතිවරණ රැස්වීම් අමතමින් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවාව වසා දැමීමට හෝ එහි සේවකයින් ඉවත් කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවද ඒ මහතා අවධාරණය කළේය.

ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සඳහා නවීන දැනුමෙන් හා අත්දැකීම් වලින් පෝෂිත විදේශීය ගුවන් සේවාවක සහය ලබා ගැනීම පිළිබඳව සලකා බැලෙන අතර, ශ්‍රී ලන්කන් ගුවන් සේවාව ලබා ඇති ඇමරිකානු ඩොලර් මිලියන 1200 ක අලාභය රාජ්‍ය භාණ්ඩාගාරය විසින් දරා ගැනීමේ වැඩ පිළිවෙලක්ද සකස් කෙරෙන බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

ලාභ ලබමින් සිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවාව රාජපක්‍ෂ රෙජීමය තුළ දී සිදු කළ අයහපත් කළමනාකාරීත්වය නිසා අගාධයට ඇද වැටුණු බවත්, ඒ තත්ත්වයෙන් මුදාගෙන ගුවන් සේවාව යළි ලාභ ලබන තත්වයට පත් කරලීම අභියෝගාත්මක කාර්යයක් බවත්අගමැතිවරයා පැවසීය.

Read more

Local News